බ්ලොග් අඩෙවියෙන් පලවෙනියටම මේ වගෙ ලිපියක් ප්‍රසිද්ධ කරන්න සිද්ධ උන එක ගැන ගොඩාක් කණගාටු වෙනව..title එක කියවද්දිම ඔයාල දැන ගන්න ඇති මේ මොකක් ගැනද කියල ..පොඩ්ඩක් බලමු මේ මොනවගේ දෙයක් එක්කද අපි හැප්පෙන්න හදන්නෙ කියල...
මොකක්ද මේ කොරෝනා කියන්නෙ...???
1960 දී වගේ කාලෙකදී තමයි මේ කියන වයිරස් එක මුලින්ම හොයාගෙන තියෙන්නෙ.නමුත් අවාසනාවකට මේ වෙද්දි (2020 මාර්තු)බිහිවෙලා තියෙන්නෙ අලුත් වර්ගයක්.මේක හදුන්වන්නෙ "2019 new corona virus" කියලයි.මං හිතනව ඔයගොල්ලො දැනටමත් මේ වයිරසය සාමාන්‍ය උණ එක්ක බෝ වෙනව කියල දන්නව ඇති කියල..නව වෛරසයේ රෝග ලක්ෂණ මොනවාද?
වෛරසය හඳුනාගෙන ඇති පුද්ගලයින්ට උණ සහ කැස්ස ඇති වන අතර සමහරුන්ට හුස්ම ගැනීමට අපහසු වේ. සෞඛ්‍ය බලධාරීන් පවසන පරිදි පුද්ගලයා වෛරසයට නිරාවරණය වීමෙන් දින දෙකත් සති දෙකත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතු වන බව පෙනේ.එය හඳුනාගෙන ප්‍රතිකාර කරන්නේ කොහොමද..?
මුලින්ම කියන්න ඕනෙ මේ වයිරසයට ප්‍රතිකාරයක් මේ වෙනකොටත් හොයාගෙන නැ.ඒකට හේතුව තමයි මේ වයිරස් එක එක වාහකයෙක්ගෙන් තවත් කෙනෙක් ට බෝවෙද්දී මේ වයිරසය වැඩිදිවුනු වෙන එක.ඒක නිසා මේ ලෙඩේට බෙහෙතක් හොයාගන්න එක ගොඩක් අමාරු තත්වයකට පත්වෙලා තියනවා.මේ රෝගය වැලදුනු අයට ඔවුන්ගේ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කරන එක තමයි බලධාරීන් කරන්නෙ.මේක ආවෙ මොන ලෝකෙන්ද...??
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට කියල තියන විදියට වයිරසයේ ප්‍රභවය වන්නේ චීනයේ වුහාන් හි පැවති සත්ව වෙලදපොලයි .වෛරසය මිනිසුන්ට පැතිරුණේ කොහොමද ?
ප්‍රෝටීන සඳහා ජානයක ඇති විකෘතියකට ස්තූතිවන්ත වෙමින් වෛරසය සර්පයන්ගෙන් මිනිසුන් වෙතට පනින්නට ඇති හැකියාව එම ජානමය විශ්ලේෂණයෙන් ම යෝජනා කරයි. මෙය සතුන්ගේ මල මුත්‍රා වලින් බෝ වන්නක් බවටද සමහරක් දෙනා මත පල කරත් එයට තවමත් පිලිගත හැකි සාධක හමුවී නැත.මේකෙන් ගැලවෙන්නෙ කොහොමද..?
මම දකින විදියටනම් මෙකෙන් ගැලවෙන්න අපි හොද සෞඛ්‍ය පුරුදු ඇති කරගත යුතුයි.උදාහරණයක් විදියට අපි කිවිසුමක් යවන වෙලාවක අපි අනිවාරෙන් ලේන්සුවක් හරි ටිශූ එකක් හරි පවිච්චි කරන්න ඕනෙ.ඔයා ටිශූ එකක් පවිච්චි කරනවනම් ඒක හරි විදියට බැහැර කරන්නත් වගබලා ගන්න ඕනෙ.ඔයා ලේන්සුවක් වගේ දෙයක් පවිච්චි කරනවනම් ඒක පුලුවන් හැම වෙලාවකම හෝදල හොදට වේලල පිරිසිදුවට තියාගන්නත් ඕනෙ.ඉතින් මේ මම කීවෙ එක අවස්තාවක් ගැන විතරයි.මේ වගේ පුරුදු ඇතිකරගත්තොත් අපිට මේකෙන් ඉක්නිමනින් නිදහස් වෙන්න පුලුවන් වේවි.සමහරු කියනව මේක වෙන කවුරුහරි නිර්මාණය කරපු ජීව අවියක් කියල.සමහරු කියනව මේක ජනගහනය අඩු කරන්න කියපු වැඩක් කියලා..මේ ගැන ඔයගොල්ලන්ට හිතෙන දේ ගැන ,ඔයගොල්ලන්ගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා..
ඉතින් ලෝකෙ පුරා මෙ වෙනකොටත් මේ වයිරසයෙන් පීඩා විදින අය ගොඩාක් ඉන්නවා.අපි ඒ හැමෝටම ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරමු..!!!
මේ ලිපිය වෙන කාටහරි උදව්වක් වෙයි කියල හිතෙනවනම් ශෙයා කරන්න..අඩුපාඩු තියනවනම් comment කරන්න ..ඔගොල්ලො හැමෝටම සුභ දවසක්..

1 Comments
මේ ගැන වැඩිදුර විස්තර https://www.cdc.gov/coronavirus/2019-ncov/index.html අඩෙවියෙන් ලබාගත හැක.
ReplyDelete