අපි මේ ජීවත් වෙන ලෝකයේ වැඩියෙන්ම පාට පෙනෙන සත්වයා තමයි මනුස්සයා කියන්නෙ. ඔයගොල්ලො ගොඩක් වෙලාවට විශාල මගී ගුවන් යානා දැකල ඇති.ඒත් ඔයගොල්ලො කවද හරි හිතුවද ඇයි මේ මෙච්ච්ර පාට තියෙද්දිත් මේ ගුවන් යානා වලට සුදු පාටම ගාන්නෙ කියල..?අද මම කතාකරන්න යන්නෙ ඒ ඇයි කියල.
මේකට පලවෙනිම හේතුව තමයි සුදු පාට මගින් ගුවන් යානය ඇතුලත උෂ්ණත්වය අවම කරගැනීම.ඔයාල science ගැන ගොඩක් interesting කෙනෙක් නම් ඔයා දන්නව ඇති විශ්වයේ ඇති සියලුම වර්ණ අතරින් මේ සුදු වර්ණයට තියන විශේෂ ම හැකියාව වෙන්නෙ පරාවර්තන හැකියාව කියල.මේක නිසා දහවල් කාලයේදි ගුවන් යානා පියාසර වලදී මේක අනවශ්‍ය ලෙස රත්වීම වලක්වාගෙන අවම බලශක්ති පරිභෝජනයකින් මගීන්ට සුවපහසුව ගමනාන්තයට ලඟා වීමට අවශ්‍ය පහසුකම් සැලසෙනවා.ඒ වගේම ඍජුව ගුවන්යානය වෙත පතිත වෙන හිරු කිරන වලින් ගුවන් යානයේ බඳ(body)ට විය හැකි හානිද අවම කරනවා.
ඉතින් මෙහෙම කිව්වම ඔයගොල්ලො හිතයි
මේක විතරක්ද තියන එකම ප්‍රයෝජනය කියල.නැහැ මේකෙ තවත් ප්‍රයෝජන තියනව.ඕගොල්ලො දන්නවද පාට අනුව ගුවන්‍යානයේ බර(weight)වෙනස් වෙනව කියල..?විහිලුවක් නෙවෙයි ඇත්තටම ගුවන්‍යානයේ බර මේ paint එක මත රදා පවතිනවා.ඉතින් සුදු පාට ගෑම මගින් මේකෙ බර ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්.ඒ අනුව මේ ගුවන් යානවල මෙහෙයුම් පිරිවැය බොහෝ දුරට අඩුකරගන්න මේ ගුවන් යානා සමාගම්වලට පුලුවන් වෙලා තියනව.
මේ සුදු පාට ගාන්න ආරක්ශක හේතු තියනවද..?
ඇත්තෙන්ම ඔව්.ගුවන් යානයක් ගොඩබැස්වීමේදී ගුවන් යානයේ body එකට සුළු හානි වීමේ සම්භාවිතාවක් පවතිනවා.ඉතිං සුදු පාට වගේ පාටක් ගාල තිබුනොත් ඒ සුළු හානියක් පවා ලේසියෙන් අදුරගන්න ගුවන් යානා කාර්යමණ්ඩලයට පුලුවන්කමක් ලැබෙනවා.
අපි පොඩ්ඩක් හිතල බලමු හදිසි අනතුරකට ලක්වුනු ගුවන් යානයක් ගැන.දහවලක නම් බේරාගැනීමේ කණ්ඩායම්වලට ගුවන් යානය මොන පාට වුනත් ඒක තියන තැන හදුන ගන්න අමාරු වෙන්නෙ නෑ.ඒත් රාත්‍රී කාලයකට මේක ටිකක් අමාරු කාර්යයක් වෙන්න බොහොම ලොකු සම්භාවිතාවක් තියනවා.ඒත් සුදු පාට අලේප කරල තිබුනු යානයක් සැලකුවොත් ඒක අදුරෙදි උනත් ඉතාමත් හොදින් පේන නිසා මේ තත්වය හොද අතට හැරෙන්න ඒක ලොකු උදව්වක් වෙනව.
ඒ වගේම තමයි සුදු පාට ආලේප කරල තියන ගුවන් යානයක resale value එක ගොඩක් වැඩියි කියන එකත් මේ කරුනු හොයද්දි මට හම්බුනා.
ඉතින් මේ කරුනු තමයි ප්‍රධාන වශයෙන් ගුවන් යානයක සුදු පාට ගාන්න බලපාන්නෙ.ඉතින් ඔයගොල්ලො මේ ගැන වැඩිදුරටත් දන්න දේවල් අනිත් අයටත් පේන්න comment කරන්න කියල ඉල්ලනවා.ඒ වගේම මේ ලිපියෙන් ඔයගොල්ලො ප්‍රයෝජනවත් දෙයක් ගත්ත කියල හිතෙනවනම් විතරක් මේ ලිපිය shear කරන්න කියලත් ඉල්ලනව. ජයෙන් ජය...!
0 Comments