මේ ජනවාරියේ whatsapp අලුත් policy update එක නිසා මිලියන 100 ක් ඉක්මවූ පරිශීලකයින් පිරිසක් Telegram , Signal වැනි වෙනත් විකල්ප අත්හදා බැලුවා..නමුත් whatsapp තම එදිනෙදා ජීවිතයේ ව්‍යාපාර සදහා මෙන්ම විවිද අවශ්‍යතා වෙනුවෙන් බාවිත කල පරිශීලකයන්ට තම පෞද්ගලික දත්ත එකවරම අතහැර දැමීමට නොහැකි බව නිසාම වෙනත් යෙදුමක් බාවිතයට ගැනීමට නොහැකිව whatsapp තුලම සිරවී සිටීමට සිදුවූවා.මේ ගැටලුව telegram ආයතනය මනාව තේරුම් ගෙන එයට ඉක්මන් විසදුමක් lලබා දෙනු ලැබුවා..මේ ලිපිය ඒ ගැනයි..
මේ telegram update එකෙන් ලැබුනු පලවෙනි විශේෂම දේ තමයි අපි whatsapp තුල භාවිතා කල chats අපිට telegram app එකට telegram chat එකක් විදියටම ගන්න පුලුවන් වෙන එක.මේකෙදි අපි යවපු massages, photos, video clips, Files(pdf & others) ඔක්කොමත් එක්කම තමයි මේ chat එක import වෙන්නෙ...
දැන් ඔයගොල්ලො බලන් ඉන්නෙ මේක කරගන්නෙ කෝමද කියල නේද..?? ඒක හරිම ලේසියි..
Android අයට :-
open a WhatsApp chat, tap ⋮ > More > Export Chat, then choose Telegram in the Share menu:
ios(apple) අයට :-
Swipe left on a chat, then choose '…' > Export Chat.
මේඅප්ඩේට් එක නිසා ලැබුනු එකම දේ මේක නෙවෙයි.තව features ගොඩක් අලුතෙන් එකතු කරන්නයි තිබ්බ features තවත් දිවුණු කරන්නයි මේ telegram ආයතනය කටයුතු කරල තියනවා..ඒවා මං කෙටියෙන් විස්තර කරන්නම්...
1. Voice chats
අලුත් අප්ඩේට් එක නිසා දැන් ඔයගොල්ලන්ට group call එකකදි එක එක්කෙනාගෙ voice වෙන වෙනම පාලනය කරන්න පුලුවන් වෙනව..
2. Audio Player/Music Player
මෙකෙදි ඔයාලගෙ කන් වලට අපහසුවක් නොදැනෙන විදියට සිංදු මාරු කරන්න නවත්තන්න පුලුවන් වෙන්න මේගොල්ලො fade effect එකක් add කරලා තියනවා..
3.Greeting stickers
මේකෙදි වෙන්නෙ ඔයාගෙ contact list එකේ කවුරු හරි අලුතෙන් telegram වලට join වුනෝතින් එයාට පිලිගැනීමේ sticker එකක් එක tap එකකින් ලේසියෙන්ම යවන්න පුලුවන් වෙන එකයි.Telegram web site එකේ නම් තියෙන්නෙ මේ feature එක එයාලටම ආවේනික එකක් කියලයි.ඒත් ඒක එහෙමම කියන්න පුලුවන්ද කියලනම් මට පොඩි සැකයක් තියනවා.මොකද ඔයාල දැකල ඇති facebook messenger එකෙත් මේ feature එක වෙනස් විදියකට තියනවා..
ආ මට තව කියන්න බැරි වුන දේකුත් තියනවා. telegram developer ලා මේකට අලුත්ම විදියෙ ඇනිමේෂන් එකතු කරල තියනව කියල කියල තිබුනත් මේක තාමත් android වලට විතරක් නිකුත් කරල තියන බවක් තමයි telegram නිල වෙබ් අඩවියේ දක්වලා තිබුනෙ..
ඉතින් telegram අලුත් update එකෙන් මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් වෙනස් වෙලා තිබුනෙ..ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වුනානම් විතරක් share කරන්න කියලත් ඉල්ලනවා..ඒ වගේම තමයි ලිපියෙ අඩුපාඩු තියනවනම්,මේ ගැන වෙන මොනවහරි ප්‍රශ්න තියනවනම් comment කරන්න කියලත් ඉල්ලනවා.. ඔයගොල්ලො හැමෝටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා...
0 Comments